එමිල් රන්ජන් ලබන 26 දක්වා යළි රිමාන්ඩ්

පෙබ 12, 2019

    2012 වසරේ වැලිකඩ සිරකරු ඝාතන සිද්ධියට රිමාන්ඩ් බාරයේ සිටින එමිල් රන්ජන් ළමාහේවා ලබන 26 දක්වා යළි රිමාන්ඩ් කෙරේ.

    වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ මෙම සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එමිල් රන්ජන් ලමාහේවා දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටී. හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන ඔහු ලබන 26 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(12) නියම කර ඇත.

    මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    මෙම පරීක්ෂණයට භාජනය වී තිබෙන ගිනි අවි පිලිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ රහස් පොලිසිය එය ලැබීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද අධිකරණයට දන්වා ඇත. ලබන 26 වනදාට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් අධිකරණය රහස් පොලීසියට නියෝග කර ඇත.

    Latest News