රජයේ වී මිලදී ගැනීමේ අඛණ්ඩව ක්‍රියාත්මකයි

අගෝ 02, 2021

    රජයේ වී මිලදී ගැනීමේ අඛණ්ඩව ක්‍රියාත්මකයි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ ද සියලුම ගබඩා අද සිට විවෘතව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පවසනවා.

    පොළොන්නරු දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 66000 යල කන්නයේ වී වගා කර තිබෙනවා. අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් 366,000ක් උතුරු පළාතේ මධ්‍යස්ථානවලදී 12 ක දී වී මිල දී ගැනෙනවා. නාඩු කිලෝවක් රුපියල් 50කට සම්බා කිලෝවක් රුපියල් 52කට සහ කීරි සම්බා කිලෝවක් රු.50 ක ටයි වී මිල දී ගැනීම කරනු ලබන්නේ. රුපියල් 1.50 බැගින් ප්‍රවාහන දීමනාවක් ලබාදීම ද නියමිතයි.

    Latest News