විදෙස් ගමන් බලපත් ලබාදීම සීමිත පිරිසකට

අගෝ 06, 2021

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ති‍බේ.

    ඒ, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනි. එම තත්වය හමුවේ අවම සේවක සංඛ්‍යාවක් යටතේ සේවාවන් ලබාදීමට තීරණය වී ඇත.

    මේ අනුව සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටවන අතර අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාදීම සිදු කෙරෙනු ඇත.

    Last modified on සිකුරාදා, 06 අගෝස්තු 2021 10:12

    Latest News