ආසාදිතයන්ගෙන් 1.5%ක් පමණ මරණයට පත්වෙති. වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදු වෙයි. මේ උවදුරට ගොදුරු නොවී සිටීමට නම් පහත සඳහන් උපදෙස් අකුරටම පිළිපදින ලෙස සෞඛ්‍ය බලධාරීන් තරයේ අවවාද කරයි.
- සියල්ලට පළමුව හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ගන්න. ලොව පුරා වැඩිම පිරිසක් දිවි බේරාගෙන ඇත්තේ කොවිඩ් එන්නත ගැනීමෙනි.
- අත්‍යවශ්‍යම කාර්යයකට මිස නිවසින් පිටතට නොයන්න.
- සෙනග ගැවසෙන මංගල,අවමංගල හා වෙනත් උත්සවවලට සහභාගීවීම සම්පූර්ණයෙන්ම නතර කරන්න.
- පොදු ස්ථානයකට යනවිට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින්න.
- කාමර,ශාලා,විදුලිසෝපාන,වාහන වැනි ආවරණ කළ ස්ථානවල සෙනග සමග ගැවසෙන්න එපා.
- විටින් විට සබන් යොදා දෑත් සෝදන්න
- අන්‍යයන් සමග මීටර දෙකකට වඩා දුරින් සිටින්න.
- නිදන්ගත රෝග ඇත්නම් රැකියාවට මිස නිකරුණේ නිවසික් පිටතට යන්න එපා.
- ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ ජීවිත රැකගැනීම අන්‍යන්ට භාර නොදී ඔබේ වගකීම ඉටුකොට ඔබත් පවුලත් ආරක්ෂා වෙන්න.