දැනට හඳුනාගෙන ඇති පරිදි එවැනි ස්ථාන 10,733ක් සමස්ත ගංඟා පද්ධතිය ආශ්‍රිතව හඳුනාගෙන ඇත.
එමනිසා ගංගා ජලය මෙන්ම ඒ අවට පරිසරයට සිදු කරන කැළිකසළ බැහැර කිරීම් ආශ්රිත පාරිසරික දූෂණයන්ගෙන් ගංඟාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා පියවරක් වශයෙන් සියලුම ගංඟාවල රක්ෂිත මායිම් සළකුණු කරන්නැයි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.
පසුගිය සතියේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරුණු පෙන්වා දුන්නේය.
ඇතැම් පුද්ගලයින් විසින් දේශපාලන බලය උපයෝගී කර ගනිමින් හා නිලධාරින්ට අල්ලස් ලබා දෙමින් ගංඟා ආශ්රිත අනවසර ඉදිකිරීම් රැසක් ඉදි කර ඇතැයි ද, මේ නිසා ගංඟා පද්ධතිය ආශ්‍රිතව විශාල පාරිසරික දූෂණයක් සිදුවන බව ද ඔවුන් පෙන්වා දුන්නේය.
එමනිසා සියලුම ගංඟාවන් ආවරණය වන පරිදි රක්ෂිත මායිම් සළකුණු කිරීමේ වැඩපිළිවෙළ කැළණි ගඟෙන් පළමුව ආරම්භ කරන්නැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එයට හේතුව නම් අපේ රටේ මේ වනවිට දූෂිතම ගංඟාව වන්නේ කැළණි ගඟයි. එමෙන්ම ඊට අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් මධ්‍යම පරිසර අධිකාරිය විසින්සිදු කළ සමීක්ෂණයක දී හඳුනාගෙන තිබේ.
ඒ අනූව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්ථාන 577ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් 797ක් ද වාර්තා වී ඇත.
කැළණි ගඟ ආශ්‍රිතව ගංඟා රක්ෂිතය සළකුණු කිරීමෙන් අනතුරුව එහි වෙසෙන අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා අතර ඔවුන් සඳහා නිවාස යෝජනා ක්රමයන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කිරීම යෝජිතයි.
කැළණි ගඟ සංරක්ෂණ කටයුතුවල දී විශේෂ සංරක්ෂිත කළාපයක් ලෙස හංවැල්ලේ සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ කළාපය නම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් සැළසුම් කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.