සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැත්තාගේ තඹ කර්මාන්ත ශාලාවකින් නිෂ්පාදන ලබාගෙන ඔහුගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා අනුබල දීමේ චෝදනාව මත හිිිිිිිිිිිිිිිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අද අධිකරණයේ දී කියා සිටියේ තම සේවාදායකයා සඳහා විශේෂ කරුණු දැක්වීමක් සඳහා දින කිහිපයක් අවශ්‍ය බවයි.
ඒ අනූව, අදාළ නඩුව ලබන 26 වැනිදා කැඳවීමට නියම කෙරුණු අතර සැකකාර හිටපු අමාත්‍යවරයා ලබන පළමු වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.