ගුරු - විදුහල්පති වැටුප් ගැටළුව; අනු කමිටු වාර්තාව මුදල් ඇමතිට

අගෝ 21, 2021

    ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඊයේ බාරදී තිබේ.

    ඒ මුදල් අමාත්‍යාංශයේදී. වාර්තාව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මුද්ල අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකඟතාවකට පැමිණියේය.  අමාත්‍ය මණ්ඩල අනු කමිටුව නියෝජනය කළ අමාත්‍යවරුන් වාර්තාව බාරදීමේ අවස්ථාවට එක්ව සිටියේය.

    ගුරු - විදුලහල්පති වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්.  ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සමග එම කමිටුව දීර්ඝ ලෙස සාකච්ජා කරනු ලැබීය.

    වාර්තාව සකස් කිරීමේ දී වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන තිබේ.

    Latest News