ඇසළ මංගල්‍යයේ අලි-ඇතුන්ට පැල්වත්තෙන් උක්දඬු

අගෝ 24, 2021

    ලංකා සීනි සමාගමේ පැල්වත්ත කර්මාන්ත ශාලාව, මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ගමන් ගන්නා අලි-ඇතුන් සඳහා උක් දඬු ලබාදී තිබේ.

    ඒ, උක් ගොවීන්ගේ අස්වැන්නේ පළමු කොටසයි. ලංකා සීනි සමාග‍ම පැල්වත්ත කර්මාන්ත ශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මේජර් වජිර කුමාර මහතා සංකේතාත්මකව උක්දඬු බාර දෙනු ලැබුවේ, ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා වෙතයි.

    ප්‍රථමයෙන් සධාතුක කරඬුව වැඩමකරවන නැඳුන්ගමුවේ රාජා හස්ථියාට උක්දඬු ලබාදී තිබේ. ඒ, අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා විසින්.

    මහනුවර ඇසළ පෙරහරට එක්වූ අලි ඇතුන්ට ආයුර්වේද තෙල් ගැල්වීමේ වෛද්‍ය කඳවුරක් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාල භූමියේ අද පැවැත්විණ. මෙය සංවිධාන කර තිබුණේ, ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වන්තේ මහතාගේ මූලිකත්වයෙන්. මෙය වාර්ෂිකව සිදුවන චාරිත්‍රයක්

    Last modified on අඟහරුවාදා, 24 අගෝස්තු 2021 19:32

    Latest News