පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළඳපොළවෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිල ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළසැල් වෙත ප්‍රවාහනය කිරීමද එම අවස්ථාවේදීම ආරම්භ කෙරිණි.
රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් අනතුරුව ,ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාවය පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළදපොළට නිකුත්කිරීම පිළිබඳව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සහ සහල් මෝල් හිමිකරුවන් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
නමුත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් සහල් තොග රජයට පවරා ගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත.
මෙසේ රජයට පවරා ගත් සහල් තොග ඉතා ඉක්මනින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම රජයේ අරමුණ වේ.