ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ විය. සෞභාගයේ දැක්මට අනූව වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීම රජයේ අපේක්ෂාවයි.
වසර 2050 වන විට මෙරට විදුලි ජනනය සම්පූර්ණ කාබන්හරණ තත්වයට පත් කිරීම සැලසුමයි.
ඒ සඳහා අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්ම ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ යුතු වෙයි.
එම සැලැස්ම සකස් කිරීමේ දී විදුලිබල අමාත්‍යවරයා පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ යුතුයි. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.