පාඨලී, කතෝලික සභාව නොමග යැවීමේ උත්සහයක...

සැප් 19, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාගත දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා කතෝලික පියතුමන් කිහිපදෙනෙකු සමග එක්ව කතෝලික සභාව නොමග යැවීමට උත්සහ දරණ බව, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසනවා.

    ඊට අදාළ තොරතුරු නුදුරේදී මාධ්‍යයට හෙළි කරන බවයි, එම පක්ෂයේ නායක සුගත් හේවපතිරණ මහතා පවසන්නේ. පාඨලී චම්පික රණවක මහතා සහ කතෝලික පියතුමන් කිහිපදෙනෙකු අතර සිදු වන සාකච්ඡාවක් සිංහලේ සංවිධානය පසුගියදා මාධ්‍යයට හෙලි කළා. ඔවුන් කියා සිටියේ, පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රණවක මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පල කිරීමට පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.

    Last modified on ඉරිදා, 19 සැප්තැම්බර් 2021 20:41

    Latest News