කාබනික පොහොර ආනයනය අනුමැතිය

සැප් 28, 2021

    වී වගාව හැර අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර තොග ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ලබන මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය කාබනික, ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍රා ශාක පෝෂක ආනයනය කිරීමට පසුගිය මැයි 31වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවිය.

    වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් විසින් ආනයනය කරනු ලබයි. අනෙකුත් බෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් අවශ්‍ය කාබනික පොහොර තොග ආනයනය කිරීමට නියමිතයි.

    අනෙකුත් බෝග වගාකරනු ලබන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොරව තරගකාරී මිල ගණන් යටතේ සැපයීමට හැකි වන පරිදි රජයේ පොහොර සමාගම් දෙක මගින් ද ආනයනය කිරීමට නියමිතයි. 

    Latest News