එමෙන්ම මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අදාළ නඩු කරයේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා තීරණය ද අහෝසි කරමින් තවත් රිට් ආඥාවක් අධිකරණය විසින් නිකුත් කෙරුණා.
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම තීන්දුව දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මකව දුරකථන හඬ පට සිද්ධියෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට මීට පෙර පෙර උපදෙස් ලබා දී තිබුණා.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය හමුවේ මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කරුණු වාර්තා කළ අතර එම කරුණු සලකා බැලූ නුගේගොඩ මහේස්ත්රාත්වරයා විත්තිකාර ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණා.
තමන්ට එරෙහිව පොලිසිය විසින් නීතිපති උපදෙස් මත නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා පත්රය හා එම අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය නීතියට පටහැනි යැයි තීන්දු කොට ඒවා බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.