පුදබිමට පැමිණි ජනාධිපතිතුමා, පළමුවෙන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වලට ජනාධිපතිතුමා එක්වූයේ ඉන් අනතුරුවයි. බෝධීන් වහන්සේ උදෙසා උදේ කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. අනතුරුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි ජනතාව සමඟ ද සුහද කතා බහක නිරත වෙමින් තොරතුරු විමසා සිටියා.