කල්පිටියට නව වාට්ටු සංකීර්ණයක්

පෙබ 23, 2019

    කල්පිටිය දිසා රෝහලේ මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම හා පුත්තලම මූලික රෝහල අසළ රාජ්‍ය ඔසුසල සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ සිදු කෙරිණ.

    චීන සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මකයි.

    කල්පිටිය රෝහල නවීකරණය සදහා වැය කරන මුදල රුපියල් මිලියන 564 කි. වෛද්‍ය වාට්ටු, සායනික වාට්ටු, ප්‍රථමික සත්කාර ඒකක, මාතෘ සායන යන අංශවලින් මෙම සංකීර්ණය සමන්විත වෙයි. මින් අනතුරුව පුත්තලම මූලික රෝහල ආසන්නයේ රාජ්‍ය ඔසු හලක් ඉදිකිරීම සදහ් මුල් ගල් තැබීණි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු තවත් මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.

    52577895 10156520382584130 5378099636495974400 n

    52487868 10156520382719130 7281280665616646144 n

    IMG 20190222 WA0003

     

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 10:23

    Latest News