එහි වාර්තාව දෙසතියක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ලබාදීමට නියමිතයි. මෙම සත් පුද්ගල කමිටුවේ සභාපතීත්වය දරන්නේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතායි.
දිවයිනේ විවධ ප්‍රදේශවලින් පසුගිය දින කිහිපයේදී වාර්තා වූ ගෘහස්ථ, වෙළඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී ඇති වගකීමයි.
තවද, ගෑස් සිලින්ඩර ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කමිටුව කොට්ටාව, අතුරුගිරිය, හංවැල්ල සහ කඩුවෙල ආදී ප්‍රදේශවල ස්ථානීය පරික්ෂාවක් සිදුකළා. මේ අතර, ගෑස් සිලින්ඩර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව විසින් නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙනවා.
අදාල මාධ්‍ය නිවේදනය පහතින්...