වැලිසර 'හයිට්ස් රෙසිඩන්සීස්'නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම අද ඇරඹේ

දෙසැ 03, 2021

    සෑම පවුලකටම සුවපහසු නිවසක් ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය සහ දැක්ම යටතේ වැලිසර, මිල්ගහවත්තේ ඉදිකෙරෙන “වැලිසර හයිට්ස් රෙසිඩන්සීස්” නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින පෙ.ව. 9.00 ට ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ඉදිකෙරෙන වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ඉටුකෙරෙන තවත් එක් සංවර්ධන ව්‍යාපෘතියකි. 

    වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නිවාස ප්‍රමාණය 408 කි. මෙම නිවාස 408 ගොඩනැගිලි (Blocs) 17 ක් ලෙස බෙදීයන ආකාරයට ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එම සැලසුමට අනුව වර්ග අඩි 700 ක නිදන කාමර 02 කින් යුතු නිවාස සහ වර්ග අඩි 908 නිදන කාමර 03 කින් යුතු නිවාස ඉදිකෙරේ.

    මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකෙරෙන වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය හෙක්ටයාර 2.45ක් පමණ වන භූමි භාගයක ඉදි කෙරේ. ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්ෆර්මියම් සමාගම මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි.

    12.03 වන දින වැඩ ඇරඹෙන මෙම නිවාස ව්‍යාපෘතිය 2023.12.23 වන දින අවසන් කිරීමට නියමිතව තිබේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුළු වියදම රුපියල් බිලියන 05 කි.

    නිවාස 408 සඳහා රථවාහන නැවැත්වීමේ රථගාල් ඉදිකර තිබේ. ඒ අනුව ගොඩනැගිලි 17 සඳහා එම ගොඩනැගිල්ලටම සම්බන්ධ රථගාල් ඉදිකිරීමට යෝජිතයි. එයට අමතරව වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය පොදු උද්‍යානයකින් ද සමන්විත වෙයි.

    නිවාස ව්‍යාපෘතියට සපයා ඇති පොදු පහසුකම් අතර කායවර්ධන මධ්‍යස්ථානයක්, සියලු සේවාවන් සහිත අංග සම්පූර්ණ සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබේ. නිවාස ව්‍යාපෘතියේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ. සෑම නිවසකටම වර්ග අඩි 70 ක ඉඩකඩකින් සනීපාරක්ෂක පහසුකම් සඳහා වෙන් කර තිබේ.


    Last modified on සිකුරාදා, 03 දෙසැම්බර් 2021 12:18

    Latest News