එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
දිවයින හරහා ඊසානදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පැවතීම මෙම වැසි තත්ත්වය වැඩිවීමට හේතුවයි.