"මනුෂ්‍යත්වයේ මෙහෙයුම" අගමැතිතුමාට...

දෙසැ 19, 2021

    චලනි වාසල බණ්ඩාර යොවුන් කතුවරිය විසින් රචිත "මනුෂ්‍යත්වයේ මෙහෙයුම" කෘතිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ පිළිගැන්වුණා.

    ඒ, නුවරඑළිය අගමැති මැදුරේදී.  මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ සිසුවියක ලෙස සිටියදී "ආදරණීය මාෂා", "උරුමයක ලද සෙනෙහස", "මතකයෙන් නැත නික්මිලා" සහ "අමරණීය මතකය" යන කෘති රචනා කළ චලනි වාසල බණ්ඩාර මෙනෙවියගේ පස්වැනි කෘතිය වන්නේ, "මනුෂ්‍යත්වයේ මෙහෙයුම" යි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා සිටින ඇය, "මනුෂ්‍යත්වයේ මෙහෙයුම" කෘතියට තිස් වසරක යුද ගිනි නිවා දැමූ මානුෂීය මෙහෙයුම පාදක කර ගෙන තිබෙනවා. මහා සංඝරත්නයට සහ මේ අවස්ථාවට එක්ව සිටි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියට ද මෙම කෘතියේ පිටපත් පිරිනැමුණා. අමාත්‍ය සී බී රත්නායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 19:06

    Latest News