නැව්වලින් ඉවත් කෙරෙන දැවි තෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමට පියවර...

දෙසැ 19, 2021

    නැව්වලින් ඉවත් කෙරෙන දැවි තෙල් හා අපද්‍රව්‍යවලින් පරිසරය රැකගෙන වැඩි ප්‍රමාණයක් පිරිපහදු කිරීමට විෂයබාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

    දැවිතෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ලැබෙන ආදායම 100% ක් ඉහළ දැමීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සැලසුමයි.  වාර්ෂිකව නැව්වලින් ඉවත් කෙරෙන දැවි තෙල් සහ අපද්‍රව්‍ය ටොන් 50,000 ක් නව තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ යොදා ගෙන පිරිපහදු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

    දැනට වාර්ෂිකව පිරිපහදු කෙරෙන්නේ, දැවි තෙල් සහ අපද්‍රව්‍ය ටොන් 27,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයක්. රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පසුගියදා කොළඹ වරායේ දැවි තෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානය නිරීක්ෂණය කල අවස්ථාවේ මේ තොරතුරු අනාවරණය වුණා.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ලියාපදිංචි සමාගම් 25 ක් නැව්වලින් ඉවත්කරණ දැවි තෙල් සහ අපද්‍රව්‍ය පිරිපහදු කරනවා. ඒ, වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් 5,000 න් 2,000 කින් ලැබෙන දැවි තෙල් හා අපද්‍රව්‍යයි. පිරිපහදු කෙරෙන දැවි තෙල් සහ අපද්‍රව්‍ය ප්‍රමාණය වසරකට ටොන් 5,000 දක්වා වැඩිකර ගැනීමෙන් මෙතෙක් නොලැබෙන විශාල ආර්ථික වාසියක් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවනු ඇති.

    Latest News