බඹර ප්‍රහාරයකින් තිදරු පියා ජිවිතක්ෂයට

දෙසැ 21, 2021

    බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් තිදරු පියෙකු (21) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්රි‍ජ් පොලිසිය පැවසිය.

    මෙසේ බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් ටැප්ලෝ ජනපදයේ පදිංචි 67 හැවිරිදි තිදරු පියෙකි.

    මරණකරු අද (21) දින උදැසන 10.30 ට පමණ ටැප්ලෝ ප්‍රදේශයේ පිහිටි වෙලදසැලට ගොස් නිවසට ආහාර ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදි වෙලදසැල අසල ගසක බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිමත් සමග ඇවිස්සුණු බඹරුන් දැඩි ලෙස පහර දි තුවාල සිදු කිරිම හේතුවෙන් ඔහු මරණයට පත් වි ඇති බව පවුලේ ඥාතින් පැවසිය.

    බඹර ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබු තිදරු පියා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කරනවිටත් මියගොස්ව සිටි බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

    මියගිය තිදරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිතය.

    Latest News