ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත ශ්‍රී ලංකාවට; අමාත්‍ය ගම්මන්පිල....(වීඩියෝ)

දෙසැ 31, 2021
  • 1987 සහ 2003 දී ගිවිසුම් මගින් ඉන්දියාවේ පාලනයට නතු වූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත ශ්‍රී ලංකා රජයේ පාලනයට ලබා ගැනීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් බව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඉන්දියාව සමඟ පැවැත්වූ සාකච්ජා සාර්ථකව අවසන් කිරීමට හැකිවූ බවයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමඟ පමණක් හවුලේ සංවර්ධනය කිරීමට එකඟතාවකට එළඹුණේ, 1987 ජුලි 26 වැනිදා. එහෙත් එහි ඇති ටැංකි 99ම 2003 පෙබරවාරි 7 වැනිදා වසර 35ක් සඳහා ඉන්දියාවට ලබාදී තිබෙනවා. නව එකඟතාවට අනුව ටැංකි 99න් 24ක්ම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදෙන බවයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ....

    Latest News