රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් ඔබට විසඳුම් ඉදිරිපත් කරන්නන්ය.
ඒ සඳහා ඔබ සියලු දෙනා බලාපොරොත්තුවන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළි දැක්වෙනු ඇතැයි ද අගමැතිවරයා සිය සුභාශිංසන පණිවිඩයේ දක්වා ඇත.
එහි මෙසේ ද සඳහන් කර තිබේ.
සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන 2022 නව වසර උදා වී තිබේ. ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ගෙවී ගිය වර්ෂය තුළ ශ්‍රී ලංකාව මුහුණ පෑ අභියෝග රැසකි. සමාජ හා ආර්ථික වශයෙන් පැමිණි එම අභියෝග ජය ගැනීම උදෙසා රටක් ලෙස සියලු දෙනා එක්ව ඉටු කරන කැපකිරීම් කෘතඥ පූර්වකව සිහිපත් කරමි.
රජයක් ලෙස අප පසුගිය වසරේ වඩා ප්‍රමුඛත්වය ලබා දුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි.
එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් ඔබේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු රටේ දහස් ගණනක් ජීවිත ආරක්ෂා කර දීමට අපට හැකිවිය.
වසංගතය හමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් සංවර්ධන අරුණලු අඛණ්ඩව රටටම විහිදුවාලීම අපගේ රජයේ අනාගත අපේක්ෂාවයි.
ඒ වෙනුවෙන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජය ගත යුතුය. එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මක වීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්රහණයෙන් කෙළවර කළ හැකිය.
රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් ඔබට විසඳුම් ඉදිරිපත් කරන්නන්ය.
ඒ සඳහා ඔබ සියලු දෙනා බලාපොරොත්තුවන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළිදැක්වෙනු ඇත.
අපි සියලු දෙනා එක්ව බාධක ජයගෙන ජීවිතය දිනන වසරක් බවට නව වසර පත් කරගමු. ඒ සඳහා ජනතාවට ශක්තියක් වීමට රජයක් ලෙස නිරතුරුව කැපවෙන බව මම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.
ශ්‍රී ලාංකික ඔබ සැමට නැවුම් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා!