ටික් ටොක් ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ජන 05, 2022

    ටික් ටොක් ඝාතන සිදුවීමට අදාළ සැකකරුවන් ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

    ටික් ටොක් සමාජ ජාලය සඳහා වීඩියෝවක් සකස් කිරීමට යාමේදී ඇති වූ ආරවුලක් මත බාල වයස්කාර පිරිමි ළමයෙකු පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද බාල වයස්කාර සැකකරුවන් හය දෙනෙකු ලබන 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.  

    ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළා.  එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළේ අදාළ බාල වයස්කාර සැකකරුවන් පිරිස ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.  රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම සැකකරුවන් හය දෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මාකොල ළමා නිවාසයේ රඳවා තබන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙනවා.

    Latest News