පෙරපාසැල් දරුදැරියන් අතින් දිවයින පුරා පැළ ලක්ෂයක් රෝපණය කෙරේ...

ජන 13, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පෙරපාසැල් දරුවන් සහභාගී කරවාගෙන දිවයින පුරා පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනක් අද (13) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේදී ආරම්භ විය.

    සිංහ සමාජ නිර්මාතෘ මෙල්වින් ජෝන්ස් මහතාගේ ඡන්ම දිනය සැමරිමට සමගාමීවයි මෙම වැඩසටහන ආරම්භ වූයේ. මෙම රුක් රෝපණ වැඩසටහනේදී එක් පෙර පාසැල් දරුවෙකු අතින් දිනකට එක් පැළය බැගින් දින පහකදී පැළ පහක් රෝපණය කෙරෙන බව පූර්ව ළමා විය අධ්‍යාපනඥයින්ගේ සංගමයේ සභාපති ලයන් පුෂ්පා අලුත්ගමගේ මහත්මිය සඳහන් කළාය.

    එක් පැළයක් පෙරපාසැල් භුමියේත්, අනෙක් පැළ හතර දරුවා ජිවත්වෙන පරිසරයේත් සිටුවීමට කටයුතු කෙරේ. මෙම පැළ සපයා දී ඇත්තේ ද දරුවන්ගේ දෙමාපියන් විසින්මය. මේ අනුව දිවයින පුරා පිහිටි පෙරපාසැල්වල දරුදැරියන් සම්බන්ධ කර ගෙන ඉදිරි සතිය තුළ පැළ ලක්ෂයක් රෝපණය කරන බවද ඇය මෙහිදී සඳහන් කළාය. මෙමඟින් දරුවාගේ ධනාත්මක ආකල්ප වර්ධනයක් සිදු වන බවද අලුත්ගමගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

    Latest News