දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරාගැනේ...

ජන 15, 2022

    නිලාවේලි මුහුදු තීරයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරාගැනීමට පොලිසිය සමත්වී ඇත.  

    ඊයේ (14) උප්පුවේලි පොලිස් වසමේ නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් එක් පුද්ගලයෙකු දියේ ගිලෙමින් සිටියදී බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි ජීවිතාරක්ෂක නිලධාරින් පිරිසක් සමත්වී ඇත. අනතුරින් බේරාගත් පුද්ගලයා මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබයි. අනතුරට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 21 ක, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Latest News