42 හා 40 වයස්වල පසුවන ඔවුන් හලාවත, කොරයාවත්ත, මයින්කුලම ප්‍රදේශයේ පදංචිකරුවන්. මීට පෙර 2017 වසරේ දී මෙලෙසම විදේශීය ජාතිකයෙකුගේ සහයෝගය ඇතිව අන් අයගේ බැංකු කාඩ්පත් වල රහස් අංක ව්‍යාජ ලෙස සකසා විශාල වශයෙන් මුදල් වංචා කළැයි චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවතින පිරිසක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනාට මාරවිල, මහනුවර, මාතර, ගාල්ල, මතුගම ,දඹුල්ල, කුලියාපිටිය,මෝදර යන අධිකරණයන්හි මුදල් වංචා කිරීම් සිද්ධි සම්බන්ධයෙන් නඩු රැසක් විභාග වෙමින් පවතින බවන බවයි, දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ.