පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී තිබේ.
මෙම නඩුව අද නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන බවයි.
එම කරුණ සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන්නේ ද? එසේත් නැතිනම් ඔහු වෙනුවෙන් විත්තිවාචකයක් කැඳ වන්නේද? යන නියෝගය ලබන මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.