මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය

පෙබ 27, 2019

    ශ‍්‍රී ලංකාව පළමු වරට නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් එය නිර්මාණය කර තිබේ. මෙරට නිපදවු මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය 71 වන ජාතික දින උලෙළේ දී ප‍්‍රදර්ශනය කෙරිණි.

    පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා විසින් එම අනුරුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    Latest News