රජයේ මුද්‍රණ කටයුතු සඳහා පුළුල් දායකත්වයක් ලබාදෙන මෙම ආයතනයේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා අඩු පාඩු ද විමසා බැලීය. මුද්‍රණාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය විසින් පිළිගත් අතර අනතුරුව ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත විය.
මේ දිනවල මුද්‍රණය වෙමින් පවතින පොළොන්නරුව, ග්‍රන්ථයේ මුද්‍රණ කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරිණි.