ඉටුකම අරමුදලට රු.මි. 6ක්.....

පෙබ 01, 2022

    ඉටුකම කොවිඩ් අරමුදල නංවන්න බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජායතන සංගමයෙන් (ALFEA) රු.මිලියන 6ක් අගමැතිතුමාට භාරදෙයි.

    බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය (ALFEA) විසින් ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන හයක මුදල් චෙක්පතක් ඊයේ (31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදි. මෙරට කොවිඩ් මර්දනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කඩිනම් එන්නත්කරණ ක්‍රියාවලිය විදේශයන්හි පැසසුමට ලක්ව ඇති බව මෙහිදී සඳහන් විය.
    ඒ හේතුවෙන් විදේශ රටවල් මෙරට ශ්‍රමිකයන් සඳහා රැකියා ලබාදීමට වැඩි කැමැත්තක් දක්වන බව බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ නිලධාරීහු අගමැතිතුමා හමුවේ සඳහන් කළහ.
    කොවිඩ්-19 පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වීම ගැන අග්‍රාමාත්‍ය තුමා මෙහි දී බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයට සිය ප්‍රණාමය පුද කළේය. මෙම අවස්ථාවට ජනතා නියෝජිතයන්, නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Latest News