වී මිලදී ගැනීම මේ දිනවල සිදු කෙරේ...

පෙබ 06, 2022

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.

    ඒ සඳහා ගබඩා 10ක් විවෘත කර ඇති බවයි, වී අලෙවි මණ්ඩලය පවසන්නේ. මහ කන්නයේ, වී අස්වනු නෙලීම ආරම්භ වීමත් සමඟ වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා. නාඩු වී කිලෝවක් රුපියල් 92කටයි මිලදී ගනු ලබන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගබඩා විවෘත කරන දින 4ක් තුළ වී කිලෝ දෙලක්‍ෂ 9596ක් ගොවීන් ලබා දී තිබෙනවා. එම දිනවලදී දිවයින පුරා ගබඩාවලට වී කිලෝ 73 ලක්‍ෂ 38,700ක් ලැබී ඇති බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ.

    Latest News