විදෙස් රටවල පවතින හෙද සේවයේ ඉල්ලුමට සරිලන යාවත්කාලීන වූ පාඨමාලා ආරම්භ කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිපුණ ශ්‍රමිකයින් විදේස් ගත කිරිමට අවස්ථා මෙමගින් හිමිවන අතර අන්තර්ජාතික පිළිගැනිමක් ඇති හෙද සේවයේ NVQ 6 උසස් ඩිප්ලෝමා සහතිකය මෙම ආයතනය හරහා ප්රදානය කිරිමට නියමිතය.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ආයතනයේ නව පුහුණු සංකීර්ණය මාලඹේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතය.
තවද මෙරට පවතින පුද්ගලික අංශයේ රෝහල් සමග එක් වෙමින් පාඨමාලා අවසානයේදී රැකියාගත පුහුණු අවස්ථාද ලබාදීමට සැලසුම් කර තිබේ.
මෙම අවස්ථාවේදි හෙද සහ සෞඛ්‍ය සත්කාර හා හෙද පුහුණු අධ්‍යාපන ආයතනයේ (INHCS) පාලක මණ්ඩලය සහ උපදේෂක මණ්ඩලය සමග අමාත්‍යතුමිය ඉදිරි කාර්යයන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ අතර විශේෂඥ වෛද්‍ය උපාලි බානගල මහතා, විශේෂඥ වෛද්‍ය හිරාන් අමරසේකර මහතා, විශේෂඥ වෛද්‍ය බවන්ත ගමගේ මහතා, මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මේ සදහා සහභාගි විය.