උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.