ටිපර් රථ 02ක් මුහුණට මුහුණ ගැටී 02කට බරපතලයි...

පෙබ 12, 2022

    දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී අද (12) ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.  

    අනතුරින් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති අතර යුද හමුදා සෙබලෙකු ද සුළු තුවාල ලබා ඇත. අනතුරට පත්වූවන් මේ වන විට දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රියදුරන් දෙදෙනාගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

    අනතුරෙන් ටිපර් රථ දෙකටම බරපතල හානි සිදු වී ඇති අතර අනතුර හේතුවෙන් පැය කිහිපයක් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බව හබරණ පොලීසිය පවසයි. අනතුරට හේතුව එක් ටිපර් රථ රියදුරෙකුට නින්දයාම බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවන හබරණ පොලිසිය පවසයි.

    HabaranaAccident2 900px 22

    HabaranaAccident3 900px 22

    Latest News