මෙම තත්ත්වය තුළ රටෙහි ජනතාවගේ ජීවිත අවදානම අවම කරගැනීමට හැකි වූයේ යැයිද එමෙන්ම ආසාදිතයන් හා ඉන් රෝහල් ගත වන ප්‍රමාණය ඉතා අවම මට්ට්මකට ගෙන ඒමට හැකි වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නවසීලන්ත මහ කොමසාරිස්වරයා අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
කොවිඩ් පාලන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළම කැපකිරීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා නවසීලන්ත මහ කොමසාරිස්වරයා හමුවේ මෙහිදී පැවසීය.
රාජකාරි තත්ත්වයනට එහා ගොස් ස්වේච්ඡාවන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ උදෙසා ඉහළ කැපකිරීමක් කළ බවත්, එම කැපකිරීම වඩාත් අගය කිරීමට ලක් කෙරෙන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. ව්‍යසනය ආරම්භක අවස්ථාවේ සිට ඇතැම් රටවල් වලින් ඉහළ දායකත්වයක් ලැබුණු බවද එය ශ්‍රී ලංකාව වැනි රටකට මහත් ශක්තියක් වූ බවද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සඳහා නවසීලන්තය දැක්වූ දායකත්වයට ස්තූතිය පිරිනමන බවත් විශේෂයෙන් නවසීලන්තයේ කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළිබඳව සතුටු වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් (Michael Appleton) මහතා, ශ්‍රී ලංකාවේ එන්නත්කරණය හා කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළබඳව සතුටු වන බවද ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කැපකිරීම අගය කරන බවද පැවසීය.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිස් සඳහා වන පුහුණු පාඨමාලා වෙනුවෙන් නවසීලන්තයේ වැඩි ඉඩක් පවතින බවද මේ සඳහා ලොව පුරා බොහෝ රටවලින් විවිධ පිරිස් නවසීලන්තයට පැමිණෙන බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තුළ එම පාඨමාලා සඳහා වැඩි ඉඩක් ලබාදිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.