රූපවාහිනියේ නව වෙනසට ගෝලීය මාධ්‍ය දැවැන්තයන්ගෙන් සුබපැතුම්...

පෙබ 22, 2022

    ජාතික රූපවාහිනියේ 40 වැනි සංවත්සරයට හා නව වෙනසට ගෝලීය මාධ්‍ය දැවැන්තයන්ගෙන් සුබපැතුම් පළ වනවා.

    ආසියානු කලාපයේ විශාලතම මාධ්‍ය ආයතනය වන ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනිය සහ චීනයේ මධ්‍යම චීන රූපවාහිනී සේවය සුබපැතුම් එක් කළා. 1924 වසරේ ස්ථාපනය කරනු ලැබූ එන්.එච්.කේ. ආයතනය, ජපානයේ ජාතික රූපවාහිනියයි. අනු ආයතන 20කට අධික සංඛ්‍යාවකින් සමන්විත එය, ලොව පුරා රටවල් 31ක විකාශන කාර්යාංශ පවත්වාගෙන යනවා.

    1958 වසරේ ස්ථාපනය කරනු ලැබූ මධ්‍යම චීන රූපවාහිනී සේවය අද වනවිට ලොව පුරා රූපවාහිනි නාලිකා 50කට අධික සංඛ්‍යාවක් ඔස්සේ විකාශන කටයුතු සිදු කරනවා. එම රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය අතර ද පවතින්නේ ඉතා සමීප සබඳතාවක්.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 17:32

    Latest News