ගුවන් ප්‍රවේශපත් ගාස්තු ඉහළ යයි

මාර් 11, 2022

    ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු 27% කින් ඉහළ නංවා ඇතැයි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බවයි,එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ.

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගුවන් සමාගම් එම තීරණය ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    මෙතෙක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 203. 60 අගයක පැවතුණ අතර එය මේ වන විට රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News