මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පීඩාකාරී ආයුධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කෙරෙන බව සඳහන් කළා.
විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවත් විමර්ශන කටයුතු අවසන් කොට අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් සහකාර පොලිස් අධිකාරීවරයා ඉල්ලීම් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් ලබන 29 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ අතර එදින ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.