ඒ අනුව මාර්තු (25) සිට රත්මලාන ගුවන් තොටුපලේ ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් ( ground handling) සිදු කරන්නේ එම සමාගම විසිනි.
මාර්තු 25 උදෑසන 11.45ට මාලදිවයිනේ සිට පැමිණි වෙළද ගුවන් යානයක් සදහා මුලින්ම බිම්ගත මෙහෙයුම් සිදු කෙරුණු බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාරු අරුණ රාජපක්ෂ මහතා සදහන් කළේය.
මීට පෙර රත්මලාන ගුවන් තොටුපලේ බිම්ගත මෙහෙයුම් ( ground handling) සිදු තරනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගිනි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට අදාල පණත මගින් ඒ සදහා බලය පැවරී තිබුනද මෙතෙක් කලක් එය ක්‍රියාත්මක වූයේ නැත. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන අමාත්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් රත්මලාන ගුවන් තොටුපලේ බිමිගත මෙහෙයුම්, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මගින් සිදු කිරීමට තීරණය කෙරිණ.
රත්මලාන ගුවන් තොටුපලේ කාලසටහන් ගත ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ලබන ඉරිදා සිට ආරම්භ කෙරෙන අතර එම ගුවන් මෙහෙයුම් සදහාද බිම්ගත මෙහෙයුම් සිදු කරන්නේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම මගිනි.
කොළඹ හා මාලදිවයින අතර මෙම කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් සිදු කෙරේ. රත්මලාන ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙන්නේ වසර 55කට පසුවයි.