ගෑස් මෙට්‍රික් ටොන් 8,500ක් ඉදිරියේදී දිවයිනට

අප්‍රේ 15, 2022

    ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8,500ක තොගයක් ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. 

    රජයේ මැදිහත්වීම මත ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනය කිරීම සඳහා ලැබී ඇති ඩොලර් මිලියන 10ක ප්‍රතිපාදන හරහා මෙම ගෑස් තොගය මෙරටට පැමිණීමට නියමිත බවයි, එම සමාගම සඳහන් කරන්නේ.

    ඒ අනුව, අප්‍රේල් 18 වැනිදා සිට නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් එම සමාගම සඳහන් කරයි. 

    Latest News