සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

අප්‍රේ 15, 2022

    පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

    ඒ අනුව මෝටර් රථ, වෑන්, ජීප් රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් 5000ක් දක්වා පමණයි.

    යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීම රුපියල් 1000කට සීමා කර ඇති අතර ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් 1500ක සීමාවක් සඳහා පමණයි.

    බස් රථ, ලොරි රථ සහ වානිජ කටයුතු සඳහා යොදා‍ ගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහන සඳහා මෙම සීමාව අයත් නොවේ.

    මෙම සීමා කිරීම අද (15) දිනයේ දහවල් 01.00 සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

    cepetco.jpg

     

    Latest News