ඉන්දියාවෙන් ඖෂධ හා ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට

අප්‍රේ 23, 2022

    ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගය, ලබන බදාදා මෙරටට ළගා වීමට නියමිත බව, අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඊට ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ වර්ග 101ක් අයත්. ඒවා ඉන්දියන් නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

    ඉන්දුනීසියානු රජය ලබා දුන් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගය ද සතියක් ඇතුළත මෙරටට ලැබෙන බව අමාත්‍යවරයා පවසයි. එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් කෝටි 34ක්.

    Latest News