එය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නිෂ්පාදනයක් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයට ඊයේ (27) ලබා දෙනු ලැබීය.
ඇසුරුම්ගත පෙති ලෙස (blister pack) ඖෂධය ලබා දීම විශේෂ ලක්ෂණයකි.
මෙතෙක් කලක් රජයේ රෝහල්වලින් සිදු කෙරුනේ තොග ලෙස ආනයනය කළ ලිවොතයිරෝක්සින් රෝහල් ෆාමසියෙන් කවරයකට දමා රෝගීන්ට ලබා දීමයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඖෂධය පිළිගැන්වූ අතර හෙතෙම එය වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දෙන ලදි.
තවත් සති හතරකින් SPMC ලිවොතයිරෝක්සින් 50 ug ඖෂධය blister pack ලෙස පෞද්ගලික අංශයේ ඔසුසැල් සඳහා ද නිකුත් කිරීමට නියමිතයි.