ලිට්‍රෝ ගෑස් සැපයුම අඩකින් අඩු කිරීමට තීරණයක්

අප්‍රේ 29, 2022

    දෛනික ගෑස් සැපයුම සිලින්ඩර් 60,000 සිට සිලින්ඩර් 30,000ට අඩු කිරීමට මෙරට ප්‍රධානතම ගෑස් සපයන්නා වන ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

    ලිට්‍රෝ සමාගම පවසන්නේ, සිලින්ඩර් 60,000 අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් අවශ්‍ය වන බවයි.

    එම මුදල මේ වන විට සපුරා ගැනීමට නොහැකි වීම නිසා මෙලෙස ගෑස් සැපයුම හරි අඩකින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇත. මෙරට ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයින්ගෙන් 25%ක් පමණ නාගරික වැසියන් වීම නිසා ඔවුන්ට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

    Latest News