එහි මෙට්රික් ටොන් 40,000කට ආසන්න පෙට්රල් තොගයක් පවතින බවයි, වාර්තා වන්නේ. මේ අතර, වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී යම් සීමාවක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.
එය, අද සිට ක්රියාත්මකයි. ඒ අනුව, යතුරු පැදි සඳහා උපරිමය රුපියල් 2,000ක ද, ත්රීරෝද රථ සඳහා උපරිමය 3,000ක ද, කාර්, වෑන් සඳහා උපරිම රුපියල් 8,000ක ද ඉන්ධන නිකුත්කිරීමටයි, තීරණය කර ඇත්තේ. පොදු ප්රවාහන සේවා සහ වාණිජ වාහන සඳහා මෙම සීමාවන් බලනොපැවැත්වේ.