ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් රු. මිලියන 74කට අධික මානුෂීය ආධාර...

මැයි 06, 2022

    යුරෝපා සංගමය රුපියල් මිලියන 74කට අධික මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට තිරණය කර තිබෙනවා.

    දිස්ත්‍රික්ක විසිපහේ දිළිඳු පවුල් 80,000කට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට එමගින් හැකිවනවා. මෙරට දිළිඳු පවුල් රැසකට පවතින අර්බුදකාරී තත්වය හමුවේ සිය අවශ්‍යතා සපුරාගැනීමට අපහසු තත්වයක් පවතින බව, යුරෝපා සංගමය හඳුනාගෙන තිබෙනවා.

    ඖෂධ ලබාගැනීමට ද ජනතාවට නොහැකි තත්වයක් පවතින නිසා ඒ සඳහා උපකාර කිරීම සංගමයේ අරමුණයි. විදුලි කප්පාදුව වැනි හේතූන් මත අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලව ඇති දිළිඳු පවුල්වල දරුවන් සඳහා උපකාර කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාගැනීමට සහය වීමටත් අපේක්ෂිතයි.

    මෙහිදී ගර්භණී කාන්තාවන්ට, කුඩා දරුවන්ට, ආබාධිත පුද්ගලයන්ට, කාන්තාවක් විසින් අවශ්‍යතා සපුරන පවුල්වලට සහ රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ දැඩි දුෂ්කරතාවට පත්ව ඇති පවුල්වලට  මූලිකත්වය හිමිවනවා.

    Latest News