අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් විභාග කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන ලෙසය.
මේ අතර විභාග රාජකාරියේ නියැලෙන නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ පිළිබඳව දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇති බවයි, එහි අලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් මහතා සඳහන් කළේ.