ඉදිරි දින 10 සඳහා ඩීසල් ප්‍රමාණවත් පරිදි පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඩීසල් තොග වැඩියෙන් වෙළෙඳපොළට නිකුත් කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රාශ කළේ. එමගින් පවතින තදබදය අවම කිරීමට හැකි වනු ඇති. ලබන 23 සහ 24 යන දිනවලදී පෙට්‍රල් සහ ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතයි.
කෙසේ වුවද පිරවුම්හල් අසළ තවමත් දිගු පෝලිම් පවතියි. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් තාවකාලිකව වසා දමා තිබේ.