පාස්කු ඉරුදින කොළඹ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය කුමන්ත්රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට නඩු පවරා තිබෙනවා.
මෙම නඩුව අද දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අගෝස්තු මස 4 වනදා සිදු කරන බවයි.
විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් තිබේ නම් ඒවා මීළඟ නඩු දිනට සති දෙකකට පෙර ලේඛන සහිතව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට කුමන්ත්රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්, මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.